පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ඉන් වැඩිම බලපෑම සිදුව ඇති අතර, එම දිස්ත්‍රික්කවල පුද්ගලයින් 583 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
අධික වැසි සහිත කාලගුණයත් සමග දැදුරු ඔය සහ මහඔය ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැදුරු ඔයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති අතර, මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ද ඉදිරි පැය 36 ක කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
මේ වනවිට දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට අධික වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වන අතර, එය මිලිමීටර 117.4 ක්.
එමෙන්ම, අද දිනයේ මේ දක්වා වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල, හික්කඩුව ප්‍රදේශයෙන්.
මීට අමතරව අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැම්පාන ප්‍රදේශයට ද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇද හැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර, සියඹලාණ්ඩුව ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ කෝන්ගස්පිටිය මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබූ අතර, එහි රථවාහන ගමනාගමනයට ද දැඩි ලෙස බාධා එල්ල වුණා.
එමෙන්ම, මහනුවර – දෙල්තොට නගරයේ සිට කිරේටේවලි ප්‍රදේශයට ගමන්ගන්නා ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටව තිබුණා.
මේ අතර, පහළ වායුගෝලයේ පවතින තත්ත්වය ඉදිරියේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් මුහුදු ප්‍රදේශවලට ධීවර කටයුතුවල නිරත ජනතාව සහ නාවික ප්‍රජාව වඩාත් සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රාජාංගනය, කලාවැව, දැදුරු ඔය, ඉබ්බන්කටුව, පොල්ලගොල්ල ඇතුලු තවත් ජලාශ කිහිපයක තවදුරටත් වාන්දොරටු විවෘතව පවතිනවා.
පේරාදෙණිය – සූරියගොඩ ප්‍රදේශයේ පස් කන්දකට යටවූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
53 හැවිරිදි ඔහු පේරාදෙණිය – සූරියගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු වර්ෂාව පවතින අවස්ථාවේ ඇළ මාර්ගයක් අසලින් ගමන් ගන්නා අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුරුව ප්‍රදේශවාසින් දැඩි ශ්‍රමයක් දරා අදාළ පුද්ගලයා බේරාගැනීමට උත්සහ කළ ද ඔහු මියගොස් සිටි බව අප වාර්තාකරු සදහන් කළා.
එමෙන්ම, අනුරාධපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කවලින් ද මරණ 02 ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9 කට ඉදිරි පැය 24 සඳහාත් නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයයි
