නිමල් රාජපක්ෂ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ දුම්රියන් කොළඹ කොටුව- නානුඔය සහ නානුඔය- කොළඹ කොටුව අතර දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව හෙට(27) උදෑසන කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත පොඩි මැණිකේ(1005- පෙ.ව.05.55), උඩරට මැණිකෙ(1015- පෙ.ව.08.30) සහ අංක 1007(පෙ.ව.09.45) දුම්රියන් සහ මහනුවරින් බදුල්ල දක්වා ගම්න් කරන Kandy Odessey (1027- පෙ.ව. 09.40) දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
එමෙන්ම උඩරට මැණිකේ(1016- පෙ.ව.09.20) ,Kandy Odessey (1028- පෙ.ව.11.00), පොඩි මැණිකේ(1006- ප.ව.12.15) 1007(ප.ව.02.16) දුම්රියන් නානුඔයේ සිට දින ගමන් ආරම්භ කෙරේ.
අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු ඉහත ආකාරයට කටයුතු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.නමුත් කොළඹ සිට නානුඹය දක්වාත් නානුඹය සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු කෙරෙන බවද අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර චන්ද්‍රෙසේන මහතා පවසයි.
