අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය.මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.සම්පූර්ණ ලැයිස්තුව පහතින්,කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000විමලවීර දිසානායක – රුපියල් 550,000ගීතා කුමාරසිංහ – රුපියල් 972,000 ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යිප්රියංකර ජයරත්න – රුපියල් 2,348,000සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800විමල් වීරවංශ – රුපියල් 2,954,000මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000අකිල එල්ලාවල – රුපියල් 3,554,250චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යිජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යිරෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යිවිශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යිසහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යිශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යිඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යිමිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යිවෛද්ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යිදුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යිකනක හේරත් රුපියල් ලක්ෂ 292යිඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යිප්රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යිඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යිශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යිඑස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යිසනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යිසිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යිඅරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යිසුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යිප්රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යිකෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යිමොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යිනිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යිඅලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යිගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යිජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යිකෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි”අපිත් ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා.. වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා., ,සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් වුණත් පූර්ණ හානියක් වුණත් දෙන්න පුළුවන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25යි.””හැබැයි බලය අතේ තියෙන අය මේ වන්දිය අරගෙන තියෙන්නේ මෙහෙමයි.”යනුවෙන් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
