වල් අලියකු පහරදී මියගිය තම ස්වාමියගේ සිරුර වෙනත් අයකුට රැගෙන යාමට ඉඩ නොදුන් බල්ලකු ගැන පුවතක් මහඅන්දරවැව තල්ගස්වැව ප්රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මහඅන්දරවැව පාසල අසළ පදිංචිව සිටි ඒ එච් එම් සමන්ත අබේසිංහ නමැති පනස් හැවිරිදි තිදරු පියකු බව ද පොලිසිය පවසයි.
මියගිය අයගේ මිතුරන් දෙදෙනෙකු තල්ගස්වැවට මාළු අල්ලන්න යමු යැයි යෝජනා කර ඇති අතර පාදවල ඇති තැලුම් තුවාල නිසා ගමන යාමට අලි ප්රහාරයෙන් මියගිය පුද්ගලය මුලින් අකැමත්ත පුකාශ කොට ඇත.
ඒ අවස්ථාවේ මිතුරකු ඔහුට සපත්තු දෙකක් ගෙනැවිත් දී ගමනට එකතු කරගෙන ඇතැයි පොලිසිය කියයි. මියගිය තිදරු පියාගේ නිවසේ ඇතිකරන බල්ලා ද මෙම ගමනට එකතු වී ඇත.
පිරිස කැලය මැදින් ගමන් ගනිද්දී වල් අලියකු ඉදිරියට පැමිණ ඇති බවත් මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු ගසකට ගොඩ වි ඇති අතර අනෙක් මිතුරා දුව ගොස් පඳුරකට මුවා වි ඇත.
තිදරු පියා හා බල්ලා තනි වි ඇති අතර , බල්ලා සිය ස්වාමියා බේරා ගැනීමට කීපවරක් ඉදිරියට පැන්නද බල්ලාට පහරදීමට උත්සහා කර පන්නා පසුව වල් අලියා තිදරු පියාට පහරදී මරා දමා ඇත.
වල් අලි පහරදීම නිසා තිදරු පියා එම ස්ථානයේ මියගොස් ඇති අතර ,ඔහුගේ සිරුර ඔසවා ගෙන යාමට සුනඛයා කිසිවකුට ඉඩ දී නොමැති අතර , අවසානයේ කිට්ටුම ඥාතීන් පැමිණි පසු දේහය රැගෙන යාමට සුනඛයා ඉඩ දී ඇතැයි පොලිසිය කියයි .
