Spread the love

අලුත්කඩේ උසාවිය තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනය කළ ඝාතන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යැයි පැවසෙමින් මාධ්‍යවල සංසරණ වන සියලු ඡායාරූප සත්‍ය ඒවා නොවන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

ඇතැම් පින්තූර කෘතීම බුද්ධිය තාක්ෂණය ඔස්සේ සකස් කරන ලද ඒවා බවද හෙතෙම කියා සිටී.

ඒ නිසා කෘතිම බුද්ධිය සම්බන්ධයෙන්ද යම් අවබෝධයකින් අදහස් පල කරන්නයි ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.