සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
අප්‍රේල් මස 03 වනද දින සිට ඊයේ (12) දිනය දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම වැටලීම්වලදී සුරාබදු විධි විධාන කඩකරමින් මත්පැන් වෙළෙඳාමේ යෙදී සිටී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 03කට මුද්‍ර තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
