නිමල් රාජපක්ෂ-
වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරම්භ කළහ.
එම එන්නත්කරණ වැඩපිළිවෙලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක සරමිප එන්නත් සායන මස්ධ්‍යස්ථානය සහ කොළඹ 5 කිරුළ මාතෘ නිවාසයයේ සායන මධ්‍යස්ථානය තුල ක්‍රියාත්මක සරමිප එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ (යුනිසෙෆ්) මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද එක්ව සිටි
