Spread the love

ඒ අනුව මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි අදාළ නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් තමන් සිදුකර නොමැති බවත් අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ තමන් සතුව නොමැති බවත් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බවද ඔහු සිය ලිපියෙන් පෙන්වාදී තිබෙනවා.

තමාට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බවද අශෝක රන්වල සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අශෝක රන්වල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබෙනවා.