Spread the love

එළඹෙන කන්නයේදී සමස්ථ අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් දසදහසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

ඒ අනුව වී ඇස්වැන්නෙන් 5% ක් මිලදී ගැනීමට කටයුතු කරනු ඇත.

මේ අතර එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතිබව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා පැවසීය.

පවතින එළවළු හිඟය මිල ගණන් ඉහළ යාමට හේතු වී තිබේ.

ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය