Spread the love

අස්වැසුම දෙවන වටය සදහා අයදුම්පත් කැදවීම ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව සමාජ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසීය.

පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වනවිට අවසන් කිරීමට නියමිතයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් 15 වනදා වනවිට සහ ඔක්තෝබර් මාසයේ ගෙවීම් නොවැම්බර් මාසයේ අවසානය වනවිට සිදුකරන බව පැවසීය.

හෙට (06) සිට අස්වැසුම විශේෂ සතිය ආරම්භ කරනු ඇත.

ප්‍රතිලාභ වැඩසටහ විදිමත් කිරීම සහ පවතින ඇතැම් ගැටලු විසදීම එම සතිය යටතේ ක්‍රියාත්මක වෙයි.

ලබන 11 දක්වා එම සතිය ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.