Spread the love

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ලබන සතියේ ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

දෙවන අදියර සඳහා අයදුම්පත් හාර ලක්ෂ හැත්තෑපන් දහසක් ලැබි තිබේ.

අයදුම්පත් භාර ගැනීමේ කාලය 13 දිනයෙන් අවසන් විය.

අස්වැසුම පළමු අදියර තුළ අයදුම්පත් ලක්ෂ 34 සංගණනය කරන ලදී.

ඉන් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලක්ෂ 18ක් සුදුසුකම් ලබා තිබේ.

ඉතිරි පුද්ගලයන් ලක්ෂ 16 සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.