Spread the love

සපයන එක නවත්වන්න.

ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්න එනවා ඒ වගේම ආණ්ඩුවේ පලමුවන අයවැය ලේඛනය කියවලා මාස 10 ක් ගත වෙනවා ඒ කියන්නේ දවන අයවැය ලේඛනය කියවන්න තව තියෙන්නේ මාස දෙකයි. මේ කාලය තුල ජනතාවට දුන් කිසිම පොරොන්දුවක්,බලාපොරොත්තුවක් මේ වෙනතෙක් ඉටු වී නොමැත. සංවර්ධන කටයුතු කිසිවක් සිදු වෙලා නෑ.අධ්‍යාපන කේෂ්ත්‍රය වෙනුවෙන් වෙන් කල මුදල් වෙනුවෙන් කිසිම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු වෙලා නෑ. සෞඛ්‍ය කේෂ්ත්‍රෙය් කිසිම දෙයක් සිදු වෙලා නෑ.ඒ නිසා පළමු අයවැය ලේඛනය තුලින් දුන් බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වු මේ ආණ්ඩුව අද දෙවනි අයවැය ලේඛනයත් ඉදිරිපත් කරන්න සුදානම් වීම අපි හිතන්නේ මේ රටේ ජනතාව දෙවන වතාවටත් රවට්ටන්න සුදානම් වීමක් තමයි ආණ්ඩුව සිදු කරන්නේ කියලා.

මේ දවස් වල ජනාධිපති කාර්යාලයට, වෘත්තිය සමිති ,ආයතන ගෙනල්ලා ලහි ලිහියේ අයවැය ලේඛනයට අවශ්‍ය කරුණු ගොනු කර ගන්නවා. අපිට කියන්න තියෙන්නේ මේ ගොනාට ඇන්දවිම නවත්තලා ගිය අයවැය ලේඛනයෙන් පොරොන්දු වුන වැඩ ටික කරන්න කියලා ආණ්ඩුවට බොහොම වගකීමේන් කියනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාව අත්අඩංගුවට ගැනීමත් සමග මේ ආණ්ඩුවේ පැහැදිලි බේදිමක් තියෙනවා. එතුමාව අත්අඩංගුවට ගැනීම ගැන බොහොම සතුටු වුනේ 3% ජවිපෙ කණ්ඩායම . බහුතරය වුණ අගමැතිනිය ඇතළු මාලිමා කණ්ඩායම එහෙම් සද්දේ දැම්මෙත් නෑ ,එහෙම කතා කලෙත් නෑ. මුනිවත රැක්කා .

අනුර කුමාර දිසානායක,ටිල්වින් සිල්වා,බිමල් රත්නායක පසුගිය දිනවල උත්සහා කලේ බටලන්ද කොමිසන් වාර්තාව හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගන්නවා කියලා 3% ජවිපෙ කණ්ඩායමට බලාපොරොත්තුවක් දෙන්න. ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න බැරිව කඩවුණු පොරොන්දුවක් බවට පත්වුනාට පස්සේ ඒ ජවිපෙ කාඩර්වරුන්ව උත්දීපනය කිරීම සඳහා කොමහරි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත්අඩංගුවට ගත යුතුයි යන මතයේ පැලවත්තේ කට්ටිය හිටියා. අන්න ඒ නිසා පැලවත්තෙන් මේ සඳහා අවශ්‍ය පිබුරු පත් සකස් වෙන්නේ. මාලිමා පාක්ෂිකයන්ටත් දුන්නා පොරොන්දුවක් මහබැංකු වංචාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ ජනපතිතුමා අත්අඩංගුවට ගන්නවා කියලා. ඒකත් වුනා කඩවුණු පොරොන්දුවක්. අන්න ඒ නිසා තමයි මාලිමා පක්ෂිකයින් දවස දවස ගානේ ඔවුන්ගේන් වෙන්ව විපක්ෂයේ දේශපාලනයට එකතු වෙන්නේ. අන්න ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොහොමහරි අත්අඩංගුවට ගත යුතු නිසා රට සවාරියකට මුදල් අවභාවිතා කලා යැයි පවසලා අත්අඩංගුවට ගත්තේ