Spread the love

සෑම වසරකම දෙසැම්බර් 03 දාට යෙදෙන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය මෙවර යාපනයේදී පැවැත්වීමට සැලසුම කර තිබෙනවා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් සංවිධාන කරන මෙම ජාතික උත්සවය පිළිබඳ පූර්ව සැලසුම් සාකච්ඡාවක්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31.) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනා.

මෙවර ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සියළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රජීවන් ජයචන්ද්‍රමූර්ති මහතා, ග්‍රාමීය සංවිධාන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, යාපනය දිත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ජයමාලි වික්‍රමාරච්චි මහත්මිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චම්පික කළුආරච්චි මහතා, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු, යාපනය දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.