Spread the love


නිමල් රාජපක්ෂ-

පැවති ආර්ථික අර්බුදයට පිළියම් ආයතන සීමා පැනවීම හේතුවෙන් රටට රුපියල් රුපියල් කෝටි 52,638 මුදලක් ඉතිරිවි ඇතැයි මුදල් රාජ්‍ය ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (18) පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරමින් අමත්‍යවරයා කියා සිටියේ තවත් ආනයන සීමා පනවා ඇත්තේ භාණ්ඩ 930කට පමණක් බවයි. පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයනික භාණ්ඩවලින් 82%කට සීමා පැනවීමට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා විවිධ ඉල්ලීම් මත ක්‍රම ක්‍රමයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කළ බවයි. ඉදිරියේ දී තවත් භාණ්ඩ 300ක පමණ සීමා ඉවත් කිරීම පිළිබඳ සොයා බලමින් සිටින බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.
2019 වසරේ දී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1950ක් වැය කළ බව කියා සිටි අමාත්‍යවරයා ආනයන සීමා හේතුවෙන් 2022 වන විට ඉන් ඩොලර් මිලියන 1698ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව කියා සිටියේ ය.
මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා වෙත භාර දුන් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳ යෝජනාවලිය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය. ජනතාව මත කිසිදු නව බදු බරක් ඇති නොකරමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළ යෝජනා ඊට ඇතුළත් ය. එම ඉහළ නංවා ගන්නා ආදායමෙන් 75%ක් ජාවාරම්කරුවන් අතට යමින් පැවැති ඒවා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. තවත් 20% ආදායමක් විධිමත් කිරීම් තුළින් සහ ඉතිරි 5% ආදායම දැනුම්වත් කිරීම් තුළින් උපයා ගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. අදාළ යෝජනාවලියට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් එය හෙට සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් හෙතෙම වැඩි දුරටත් පැවැසීය.