නිමල් රාජපක්ෂ
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇත.
, ඒ යටතේ ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සහ පිසූ ආහාර ලබා දීම සඳහා නාවික හමුදා විශේෂ ජංගම මුළුතැන්ගෙය සහිත රථ මෙහෙයුම් සඳහා කොළඹ, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කය වෙතත්, ජංගම ප්‍රති ආශෘත ජල පිරිපහදු පද්ධතිය සහිත රථය මෙහෙයුම් සඳහා මහනුවර ප්‍රදේශයේත් ස්ථාන ගත කිරීම අද ( 02) සිදුකෙරිණි.
ඒ අනුව, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට පිසූ ආහාර ලබාදීම සඳහා, මීතොටමුල්ල , ආරච්චි කට්ටුව සහ අනුරාධපුරය ප්‍රදේශයේ ජංගම මුළුතැන්ගෙය ස්ථානගත කිරීම සිදුකෙරුණු අතර, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා, නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රුත ජල පිරිපහදු පද්ධතිය මහනුවර දිස්ත්‍රික්කයේ ජල සැපයුම් අඩාළ වී ඇති ප්‍රදේශ තුල, පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් යොදවා ඇත.
