ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවූ (බිලියන 3.4කට අධික) මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
මෙම සමස්ත ලැබීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් අගයෙන් ගණනය කළ විට එය ඇමරිකානු ඩොලර් මිලියන 11ක් ඉක්මවා ගොස් තිබේ.
මෙම ආධාර මුදල් පරිත්‍යාග කර ඇත්තේ ලෝකය පුරා රටවල් 40ක සිටින පුරවැසියන්, ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලාංකික සහ විදෙස් ආයතන වන බවත්, ඉන් වැඩිම මුදල් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය හරහා ලැබුණු ප්‍රදානයන්ගෙන් වන අතර, ඊට අමතරව ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය (ලන්ඩනය), ජර්මනිය, ඉතාලිය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් රැසකින් ද දායකත්වය ලැබී ඇති බවයි ඔහු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් මෙම මුදල් කඩිනමින් සහන සැලසීමේ ක්‍රියාවලියට මෙන්ම “රීබිල්ඩින් ශ්‍රී ලංකා” (Rebuilding Sri Lanka) ව්‍යාපෘතියට යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවත් ඔහු පැවසුවේය.
