ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
අද (11) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමි වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීමයි. මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැමිණ සිටි පිරිස අමතමින් පැවසුවේ, මෙවැනි සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නොමැති බවත්, සෑම කටයුත්තකටම දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් සමාජය යාවත්කාලීන කළ නොහැකි බවත් ය. එසේම සමාජමය පරිවර්ථනයක් සිදුකිරීමට නම්, අප සමග ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නැගී සිටීමට මේ ආකාරයෙන් අපගේ සහෝදරාත්මක දෑත් දිගුකළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත්, ශ්‍රී ලංකා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ව්‍යාපාති විශේසඥ නාමල් රලපනාව, ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන, අධ්‍යක්ෂ – ධාවන ෂෙරීන් අතුකෝරල බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරු ප්‍රසන්න කුරේ, දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ ජ්‍යේෂඨ උපසභාපති රත්නපාල ලියනගේ, ශ්‍රී ලංකා මධ්‍යම බිහිරි සංගමයේ සභාපති බ්‍රයන් සුසන්ත, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.
