නිමල් රාජපක්ෂ
සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (04) අවිස්සාවෙල්ල, වඟ, ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ දී දවස පුරා පැවැත්විණි.
මෙහිදී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය, දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම සිදු කෙරිණ.
