Spread the love

වීරවිල නව නගරයේ ශ්‍රි ශාන්තාරාම විහාරස්ථානයේ ආවාස ගෙයි දොර කඩා එහි තිබූ රුපියල් 140000(එක්ලක්ෂ හතලිස් දහසක ) මුදලක් සහ බැංකු කාඩ්පත් දෙකක්දසොරාගෙන ඇතැයි විරවිල පොලිසිය පවසයි .
සිද්ධිය වී ඇත්තේ ඊයේ’ (03) පෙරවරුවේ 10.30 ත් 12.30 අතර වාරයේ විහාරාධිපති හිමියන් වෙනත් විහාරස්ථානයක දානමය පිංකමකට වැඩම කර සිටිි අවස්ථාවකදීය.
විහාරස්ථානයේ ආවාස ගෙයි පිටුපස දොර කඩා ඇතුළු වු සොරකු එහි තිබු වානේ අල්මාරියද කඩා එහි තිබු මුදල් සහ බැංකු කාඩ්පත් දෙකක්ද සොරාගෙන ගොස් ඇතැයි විහාරාධිපති අත්තරගොඩ ධම්මරතන හිමියන් පොලිසියට පැමිණිලි කර ඇත
සිද්ධිය පිළිබදව වීරවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.