Spread the love

නිමල් රාජපක්ෂ
ආසියානු සාහිත්‍ය උළෙල 2026 මෙවර ගම්පහ වෙඩ් වෝටර් රිසොස්හිදි මෙවර පවත්න ලදි .එම අවස්ථා වේදී ප්‍රධාන ආරධිත අමුත්තිය වන ඉන්දියානු ලේඛිකා බුකර් සාහිත්‍ය ත්‍යාගලාභී භානු මුෂ්ටාක් මහත්මිය ප්‍රධාන ආරධිත අමුත්තිය ලෙස සහභාගි වෙමින් මෙසේද පැවසුවාය.

වෘත්තියෙන් නීතිඥවරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන භානු මුෂ්ටාක් දකුණු ඉන්දියානු මුස්ලිම් ප්‍රජාවන් තුළ කාන්තාවන් මුහුණ දෙන පීඩනය, පුරුෂ මූලික ප්‍රචණ්ඩත්වය, ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන ලෙස ලාබාල වයසින් විවාහ කරවීම ඇතුලුව ඔවුන්ගේ දෛනික ජීවිත දුක් කම්කටොලු හෙළිදරව් කිරීම සඳහා Heart Lamp (හද පහන) කෙටි කතා පොත ලිවූ බව පැවසුවාය.

මෙහිදී ඇය තමාගේ අත්දැකීම් බොහෝ දුරට ඉවහල් කර ගනිමින් කාන්තාවන්ගේ ශක්තිය, දැඩි අධිෂ්ඨානශීලීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව නිරූපණය තුළින් ප්‍රජා ආතතීන් ඉස්මතු කිරීමෙන් කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීම අරමුණු කොට ඇත. භාෂා 40කට පමණ පරිවර්තනය වී ඇති මෙම පොත සිංහලට නැගී තිබීම ගැන තමන් බෙහෙවින් සතුටට පත්වන බව ඇරඹුණු ආසියානු සාහිත්‍ය උළෙලේදී එම පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් පැවසුවාය.

ශ්‍රී ලංකාවද බහු වාර්ගික රටක් වීම නිසා විවිධ ජන කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සමගිය සහ සහජීවනය සඳහා මෙවැනි පරිවර්තන ඔස්සේ ලැබෙන දැනුම ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය සඳහන් කළාය.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න