Spread the love

නිමල් රාජපක්ෂ

කොළඹ බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දක්වා ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹෙයි.
එය වසර තුනක පමණ කාලයක් ඇණහිට තිබිණ. පොලිස් නිල නිවාස සම්බන්ධ ගැටලුවක් ව්‍යාපෘතියට බාධකයක්ව පැවතියේ ය.
ඊට අවධානය යොමු කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා නව පොලිස් නිල නිවාස ලබාදීමට මැදිහත් විය.
ඒ අනුව ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹෙයි. මේ වසර අවසන් වන විට ව්‍යාපෘතිය නිම කිරීම රජයේ අපේක්ෂාවයි. ව්‍යාපෘතිය නැවත ඇරඹීමෙන් රථවාහන තදබදයට විසඳුම් ලබාදීමට සහ ප්‍රමාද ගාස්තු හේතුවෙන් මතුවන ගැටලු විසඳීමට හැකි බව බිමල් රත්නායක මහතා පෙන්වාදෙයි