නිමල් රාජපක්ෂ
නවක නිලධාරීන්ගෙන් හා උසස්වීම් ලද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශාල වශයෙන් වැඩි කලාක් මෙන් තමන්ද ඇපකැපවී රාජකාරී ඉටු කරන්නේනම් ආදායම් ඉල්ලක සපුරා ගත හැකිවනු නොඅනුමාන යැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
උදය කුමිරා පෙරේරා මහතා එසේ පැවසුවේ ඊයේ සුරාබදු මුලස්ථානයේදී සුරාබදු නිලධාරීන් 45 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කළ අවස්ථාවේදීය.
මෙහිදි අදහස් දැක්වු උදය කුමාරා මහතා , වසර ගණනාවක් තිස්සේ පැවැති පුරප්පාඩු ක්‍රමක් ක්‍රමයෙන් පුරාවා ගැනීමට පියවර ගන්නා බැවින් ප්‍රථම අදියර යටතේ සුරාබදු පරික්ෂකවරු 22 නියාමක වරු 11 නවරියදුරු මහතුන් 12 දෙනෙකු ඊයේ දිනයේ බදවා ගත් බවයි.
රජයට ආදායම් ගෙනදෙන දෙපාර්තුමේන්තු තුන අතරින් එකක් වන්නේ සුරාබදු දෙපාර්තුමේන්තුවයි. එම නිසා රජයේ ආදායම් ඉල්ලක සපුරා ලීමට අප ඇප කැපවී වැඩ කළ යුතු බවත් ඉදිරියේදි ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාවත් පිරවීමට පියවර ගන්නා බවද පැවසුවේය.
මෙම අවස්ථාවට අතිරේක සුරාබදු කොමාසාරිස් ජෙනරාල් රෝහන සේනාරත්න , නියෝජ්‍ය සුරාබදු කොමාරිස්වරුන්වක ජයන්ත සිල්වා , කපිල විජේසිංහ , තිස්ස තුමාර රාජ පක්ෂ , සමන්ත කොස්තා , සුමිත් චන්ද්‍රසිරි, රොෂාන් පෙරේරා, කොමාසාරිස් සුරංගා ගුණතිලක , ප්‍රධාන මුල්‍ය නිලධාරී අජිතා චාන්දනී යන මහත්ම මහත්මින් මෙම අවස්ථාවට සහභාගිවුහ.
