Spread the love

අධිකරණය මගින් ඇප හිමිවීමෙන් පසු ඇප කොන්දේසියක් ලෙස සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්හි සමාජික සෙල්ලපෙරුමගේ සළිඳු මල්ශික ගුණරත්න හොත් ‘කුඩු සලිදු ඉන්දියාවට පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

ඒ අනුව ඔහු අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව සඳහන්ය.

කුඩු සලිදු තමාට නියෝග කර ඇති පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම මගහැර ඇති බවට එම නිලධාරින් පසුගියදා පානදුර මහාධිකරණයට දැනුම් දී තිබුණි.