ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි
මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් ඇති බවද වාර්තා වේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැක පළකරන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
සිද්ධිය පිළිබද ඇල්පිටිය පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
