මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙයි. ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා අවධාරණය කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී එය පැවැත්විණි.
ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි. එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වළව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.
එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවට මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදෙන්න උපදේශක කාරක සභාවට සහභාගීවෙන නිළධාරීන් කටයුතු කළ යුතු බවයි. තම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව මීට කලින් පැවැත්වුවේ මාස තුනකට පෙර බව කී අමාත්‍යවරයා එම උපදේශක කාරක සභාවට ඉදිරිපත් වුණ ගැටළු තවම විසඳී නොමැති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳවව අමාත්‍යංශ නිළධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කළේය.
ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
“අපි එකම මෙතන එකම දේ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා දිග්ගස්සන්න බැහැ. ඉතාම කෙටියෙන් ඉවර වෙන්න ඕන. ඒ නිසා උපදේශක කාරක සභාවට එන්න කලින් රාජ්‍ය ආයතනවල නිළධාරීන් රැස්වෙලා සාකච්ඡා කරල පසුවිපරමක් කරන්න. රාජ්‍ය ආයතනවල ඉක්මනට වැඩක් කෙරෙන්නේ නැහැ. වැඩ පරක්කු වෙනව කියල කියන්නේ රජයට ආදායම් අහිමි වෙනවා කියන එකයි.”
වේයන්ගොඩ ආහාර ගබඩාව පිහිටි අක්කර 50-60 විශාලත්වයකින් යුතු ඉඩම පිළිබඳවද උපදේශක කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ වෙළඳ අමාත්‍යංශයට අයිතිව තිබෙන එම භූමිය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් හෝ මධ්‍යම පාංතිකයන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීම සුදුසු බවයි. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට වෙළඳ අමාත්‍යංශය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, අමාත්‍ය මණ්ඩලයට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම අත්තනගල්ල ආසනයට ලබන වසරේදී ඇවිදින මංතීරුවක් ලබාදීමටද මෙහිදී තීරණය විය. ඒ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරන ලෙසටද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට වටරවුම සංවර්ධන කිරීම, නිට්ටඹුව නගරයේ මාර්ග තද බදය අවම කිරීම, අතුරු මාර්ග සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ අදාළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙසයි.
කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පිහිටි තානායම හා මීගමුව තානායම ඇතුළු තානායම් සංවර්ධනය කිරීම පිළිබඳවද අමාත්‍යංශ උපදේශන කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා විය. පසුගිය සමයේදී මෙම තානායමි නිසිපරිදි ක්‍රියාත්මක වී නොමැත. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාන්ට උපදෙස් දුන්නේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට ගැටළු විසඳාගගන්නා ලෙසයි.
එමෙන්ම සංචාරක ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන මුහුදු තීරයන් හා ජලාශ අපවිත්‍ර වීම වළක්වාගත යුතු බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සමඟ එක්ව ඒ සඳහා සැළසුම් සකස් කරන ලෙසය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,සහන් ප්‍රදීප්, සම්පත් අතුකෝරල,ගුණතිලක රාජපක්ෂ,චන්දිම වීරක්කොඩි,ජගත් කුමාර,වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
