කාශ්මීර ප්‍රාන්තයේ නොමිලයේ ඉඩම් ලබා ගැනීමේ චෝදනාවක් එල්ලවීමත් සමග හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටි 1650ක ආයෝජනයක් එම ප්‍රාන්තයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
සිලෝන් බෙවරේජස් නමැති මුරලිදරන්ගේ සමාගම මෙම බීම කම්හලේ ආයෝජනය පූනේ වෙත ගෙනයෑමට නියමිතය.
ජම්බු කාශ්මීර ප්‍රාන්ත සභාවේදී ඉන්දියානුවකු නොවන මේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආයෝජන සඳහා අක්කර 26ක් ලබා දුන්නේ කෙසේද යන්න ප්‍රශ්න කර තිබේ.
ප්‍රාන්ත සභාවේ ප්‍රශ්නය ඇතිවූ දිනට පසුවදාම මෙම ආයෝජනය ඉවත් කිරීමට මුරලිදරන් තීරණය කර ඇත.
කාශ්මීරයේ කාකුවා ප්‍රදේශයේ බීම කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට මෙම ඉඩම් වෙන්කර තිබිණි.
මුරලිදරන්ගේ සමාගමට අයත් කර්මාන්තශාලා තමිල්නාඩුවේ හා කර්නාටක ප්‍රාන්තයේ ක්‍රියාත්මක වේ. මෙම සමාගම 2000 වසරේදී පිහිටුවා ඇත.
