Spread the love

නව ආණ්ඩුව බලයට පත්වී සමරන පළමු සිංහල හින්දු අලුත් අවුරුද්ද උද්යෝගයෙන් සැමැරීමට මෙරට සිංහල/ දෙමළ ජනතාව සූදානම් බව විවෘත වෙළෙඳපොළ නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ යැයි බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පැවසීය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල දැනෙන ලෙස අඩු කිරීම, සමාජ සුබ සාධන ප්‍රතිලාභ ලබාදීම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම තුළින් ජීවන බර අඩු වීම වැනි කාරණා නිසා උදාවන අවුරුද්ද උද්‍යෝගයෙන් සැමරීමට ජනතාවට අවස්ථාව උදා වී තිබෙන බව හෙතෙම පැවැසීය.

විපක්ෂ දේශපාලන පක්ෂ සමාජයේ දෙගිඩියාවක් නිර්මාණය කර බොරු බිල්ලන් මවාපෑවත් ජනතාව අන් කවරදාටත් වඩා උද්යෝගයෙන් අවුරුදු සැමරීමට සූදානම් වන බව කී ඇමැතිවරයා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුණු විසිණු කර දැමීමට විපක්ෂය දරන වෑයම ජනතාව මුළුමණින්ම ප්‍රතික්ෂේප කරනු ඇති බව ද සඳහන් කළේය.