ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ,කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල ඉදිකෙර විවෘත කිරීමට නියමිතය.
ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 07ක නිවාස ඉදිකිරීම් අවසන් කොට මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත්තේ මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මානයි.
ඊට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස 732කි.
ඉන්දියානු රජයේ ආධාර යටතේ දිවයින පුරා නිවාස ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මකයි. දීපව්‍යාප්ත නිවාස වැඩ සටහන, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන දකුණු පළාත, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන උතුරු පළාත, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කය එම ව්‍යාපෘති 04යි. එක් ව්‍යාපෘතියකට නිවාස 600 බැගින් නිවාස 2400ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතය. ඉන්දියානු රජය මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2400කි. ඉන් රුපියල් මිලියන 807ක මුදලක් මේ වන විටත් ලබා දී ඇත. තවත් රුපියල් මිලියන 1592.7ක මුදලක් ඉන්දියානු රජයෙන් මෙරටට ලැබීමට නියමිතයි.
