නිමල් රාජපක්ෂ
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා අද 11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණෙති . එසේ පැමිණි ඉන්දීය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
මෙලෙස ත්‍රිකුණාමලය වරායට පැමිණි Destroyer වර්ගයට අයත් ‘INS Rana’ නෞකාව, දිගින් මීටර් 147 ක් හා නැව් මුළුව 300 ක ගෙන් සමත්විත වෙයි. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් KP Sreesan කටයුතු කරයි.
‘INS Rana’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීමට පියවර ගනි .ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලබන පුහුණු හා ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකා හමුදා පුද්ගලයන් වෙනුවෙන් ‘INS Rana’ නෞකාව තුළ යෝගා වැඩසටහනක් පැවැත්වීමටත්, ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේ සහ නෞකාව තුළ පුහුණු වැඩසටහන් පැවැත්වීමටත් නියමිතව ඇත.
තවද, ‘INS Rana’ නෞකාව 2025 අගෝස්තු මස 14 වැනි දින නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි
