ඉන්දීය රුපියල මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා යොදා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව වාර්තා වනවා.
ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා සන්දාන් කළා .
“ද හින්දු පුවත්පත” අදාළ කරනවා සම්බන්ධයෙන් අද වාර්තා කර තිබෙනවා .
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත පසුගියදා සඳහන් කර තිබුනා.
ඉන්දියානු මුදල් ඒකකය ශ්‍රී ලංකාවේදී භාවිතා කළ හැකි මුදල් ඒකය බවට පත් කිරීම මේ අවස්ථාවේ අවශ්‍යව ඇතැයි ද හෙතෙම හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවක දී පෙන්වා දුන්නා.
ඒ හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව සමග සෘජුව ඔවුන්ගේ මුදල් වලින් ගණුදෙනු කළ හැකි බවත් ශ්‍රී ලාංකිකයන්ටද වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව ඉන්දියාව සමග කටයුතු කළ හැකි බවත් ඔහු එහිදී පවසා තිබෙනවා.