*
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසන තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා දෙසැම්බර් 23 වන දින අරලියගහ මන්දිරයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙහිදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේය.
ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය.
ය.
රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ අදියරක් ලෙස සමීප අධීක්ෂණයක් ඇතිව පාසල් නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළා ය. මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව ලබා දුන් ස්වේච්ඡා සහභාගිත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ස්ථාවරත්වය සහතික කිරීම, අවදානම අඩු කිරීම සහ ආරක්ෂක යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ව ද අවධාරණය කළා ය.
