Spread the love

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෘජුවම මෙහෙයවන බව එම කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, වීසා ආශ්‍රිත කටයුතු සිදුකරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවය.

ඒ අනුව ලබන සඳුදා සිට ඉන්දීය වීසා, විදේශ ගමන් බලපත්‍ර හා කොන්සියුලර් සේවා සියලු කටයුතු කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස්, යාපනය කොන්සල් කාර්යාල මගින් සෘජුවම සිදුකරනු ලැබේ.