Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 9 කින් මිල අඩු කර ඇති අතර සෙසු සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා ඇත.

මෙම මිල සංශෝධනයට සාපේක්ෂව IOC සහ සිනොපෙක් බෙදුම්හල්වල ඉන්ධන මිල ගනන්ද සංශෝධන වීමට නියමිතව තිබේ.