Spread the love

ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතාගේ ශ්‍රී ලංකා එක්දින සංචාරය අතරතුර ඔහු හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැමැත්තෙන් සිටි බව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

ඉරාන ජනාධිපති ආචාර්‌ය ඊබ්‍රහිම් රයිසි මැතිතුමා වෙනුවෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට විපක්ෂ නායකතුමා සහභාගි නොවීම පිළිබඳව වැරදි මතවාදයක් සමාජගත කිරීමට ආණ්ඩු හිතවාදී මාධ්‍ය දරණ දේශපාලනික උත්සාහය තරයේ හෙලා දකිමු.

ඉරාන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර එතුමා හමුවීමට විපක්ෂ නායකතුමා කැමැත්තෙන් සිටින බව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.

එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මගින් සිදුකරන මාධ්‍ය මෙහෙයුම් මගින් ඉරාන ජනාධිපතිතුමාට විරෝධය දැක්වීමක් ලෙස රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවු ලෙස හුවා දැක්වීමට උත්සහ දැරීම පදනමකින් තොර කරුණකි.