තමන් විසින් ඉල්ලුවේ ණය හිමියන් සමඟ සාකච්ඡාවක් බවත් නමුත් ආණ්ඩුව දෙන්න හදන්නේ මුල්‍ය අරමුදල සාකච්ඡාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ජනාධිපති කාර්යාලයේදී කැඳවා ඇති මුල්‍ය අරමුදල සමග වන පක්ෂ විපක්ෂ නියෝජිතයින්ගේ සාකච්ඡාව පිළිබඳව ඔහු අදහස් පළ කරමින් මේ බව පැවසීය.
‘මම කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ වලට ඉඩ දෙන්න කියල මම ඉල්ලුවා කියල. ඒක වැරදියි. මම කිව්වේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර ණය හිමියන් සමග කරන සාකච්ඡා වලදී විපක්ෂය සම්බන්ධ කරගන්නා ලෙසයි.
මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියන් කියන්නේ කණ්ඩායම් දෙකක්. දැන් අපි මොකටද? මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරන්නේ මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරල ඉවරයිනේ?’
