Spread the love

ඉදිකිරීම් සේවා සඳහා මීට මාස දෙකකට පෙර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ දී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

මේ වනවිට ඊශ්‍රායල පොලිසියේ ඉන්ටෙර්පෝල් ශාඛාව මගින් අදාල සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.