ඊශ්‍රායල් ඉරාන ගැටුම කිසිවෙකුට නැවැත්විය නොහැකි ගින්නක් දක්වා ඇවිල යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් දෙපාර්ශවයටම සාමය සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බවද හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ යුරෝපයේ විදේශ අමාත්‍යවරුන් හා ඉරාන විදේශ අමාත්‍යවරයා අතර පැවැතිග සාකච්ඡාවේදීය.
ඉදිරියේ තෝරා ගැනීම් ඇති බවත් ඒ මොහොතේ ගන්නා තීරණ අනුව ජාතියේ ඉරණම පමණක් නොව සාමූහිකත්වයේ අනාගතයක් තීරණය වෙනු ඇති බවද ඔහු පැවසුවේය.
