Spread the love

නිමල් රාජපක්ෂ

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනට වූ රාත්‍රී තැපැල් දුම්රිය කිතැල්ඇල්ල උප දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රී පිලී පැනීමකට ලක්විය.

එම දුම්රියේ ආධාරක එංජිමයේ රෝද හතරක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇත. එම දුම්රිය එම ආධාරක එංජිම නොමැතිව වෙනත් දුම්රියක එංජිමක ආධාරයෙන් එම දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු යොදු බට දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි