උඩරට දුම්රිය මාර්ගයේ පස් කලුගල් අතුළුව නාය ගිය ස්ථානවල සියළු දේ ඉවත් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමග උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට එම බාධා ඉවත් කර දුම්රිය මාර්ගය යළි සකස්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.
