Spread the love


නිමල් රාජපක්ෂ –

වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව 1985 න් පසු අත්පත් කරගත් සියලු ඉඩම් ප්‍රදේශ වාසින්ට ලබාදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් හා උතුරු පළාත් ප්‍රාදේශීය ලේකම්වරුද කිලිනොච්චි අතිරේක දිසාපති .වන සංරක්ෂණ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් සමගින් ඊයේ පැවැති සකච්ජාවකදීය මෙම අවස්ථාවට වන ජීවි හා වන සංරක්ෂණ අමාතිණී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියද සහභාගිවුහ.

1985 වර්ෂයට ප්‍රථමයෙන් ජනතාව පදිංචිව සිටි හා ඔවුන් වගාකළ ප්‍රදේශ යුද්ධය හේතුකොටගෙන ජනතාව ඉවත් විම නිසා වන ගහනය හා වන ජීවින් වැඩි වීම නිසා ඒවා වනජීවි කලාප හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලෙස වෙන්කරගත් නමුත් දැන් එම ඉඩම් ජනතාවට පදිංචි වීමටත් වගා කිරීමටත් ධීවර කටයුතුවල නිරත වීම සදහාත් වහාම නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරු දෙදෙනා විසින් උපදෙස් ලබාදෙන ලදි.
දැනටමත් මෙම ඉඩම් හදුනාගෙන තිබෙන බවත් ඒවායේ G.P.S තාක්ෂණය මගින් සිතියම් ගත කිරීමෙන් පහසුවෙන් හදුනාගත හැකි බවද ඉතා ඉක්මණින් ඉඩම් පිළිබදව ජාතික කමිටුවට යොමු කර මෙම කටයුතු සිදුකරන ලෙසද ප්‍රකාශ විය.
මෙහිදි වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් කලපු සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමටද අවශ්‍ය සහයෝගය ලබාදීමට හා අදාල දෙපාර්තමේන්තුවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
විශේෂයෙන් නන්දිකඩාල් හා නයාරු කලපු සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති සකස්කර තිබුනද ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පිලිබදවද මෙහිදි සාකච්ඡා විය.
අම්පාර දිසිත්‍රික්කයේ ලහුගල හා පානම යන ප්‍රදේශවල පවතින වනජීවි කලාප සතු වැව් ධීවර කටයුතු කිරීම සදහා ජනතාවට ලබාදීමට ඇති හැකියාව පිළිබදවද මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා විය.