කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක උසස් පෙළට පෙනී සිටින දරුවන් අවහිරයකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආයතන සමඟ එක්ව කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298 කදී පැවැත්වීමට නියමිතයි.