දේවින්ද පිණිදිය
එකට බුදුන් වැන්දානම් වැඩිහිටි නිවාස , අනාථ නිවාස , ළමා නිවාස ඇතිවෙන්නේ තැනැයි ගණේමුල්ල ධර්මශ්රීවර්ධනාරායේ විහාරාධිපති වෑදණ්ඩේ ජිනරථන හිමියෝ පැවසුහ.
උන්වහන්සේ එසේ පැවසුවේ පසුගියදා (01) ජේෂ්ඨ මාධ්‍යවේදී නිමල් රාජපක්ෂ මහතාගේ නැන්දණියගේ දෙවර්ෂපුර්ණ පිංකමට සහභාගිවු අවස්ථාවේදීය.
අද ලෝකයේ අපේ රටේ කොච්චර නම් ධර්ම දේශනාකරනවාද .විවිධ ස්ථානවල විවිධාකාර නාලිකා වලින් ධර්මය ශ්‍රවනය කරන්නට රටතුළ හැකියාව තිබෙනවා. .තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න ධර්මය ප්‍රගුණ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා අපේ රටේ තරම් බණ කියන රටක් මේ ලෝකේ කොහේවත් නැතැයිද උන්වහන්සේ පැවසුහ.
තවදුරටත් අදහස් දැක්වු වෑදන්ඩේ ජිනරථන හිමියෝ එකට බුදුන් වැන්දානම් වැඩි හිටි නිවාස වත්, අනාථ මඩම්වත්, ළමා නිවාස වත් ඇතිවෙන්නේ නැහැ. ඒවා මෙච්චර බණ අහන රටේ, දම්පැන් තිබෙන රටේ බෝධිපුජා තිබෙන රටේ, අටපිරිකර ලක්ෂ ගණන් කෝටි ගණන් පුජා කරන රටේ, වැඩිහිටි නිවාස ළමා නිවාස ඇරෙනවා කියන්නේ අපේ හිස් මණසක් තිබෙන මිනිසුන් ඉන්නවා කියන එකයි.
තව දුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
වීඩියෝව නරඹන්න
