එදා රනිල් ගෙනා ඇමරිකා ගිවිසුමට ගියා නම් අද ආසියාවේ බලවත්ම රට ලංකාවයි..
අමෙරිකාවෙන් ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් ලබා ගැනීමට යහපාලන ආණ්ඩුව සමයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළත් සමහරුන්ගේ විරෝධය මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
යක්කලමුල්ල, කරාගොඩ ශ්‍රි දේවරක්ඛිත විහාරස්ථානයේ පසුගිය පොහෝ දින පැවති ඇසළ කලාපය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අබේවර්ධන මහතා මෙසේ ද කීය.
“අද අපේ රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්වෙලා තිබෙන්නේ අමෙරිකාව අපේ රටට පනවනු ලැබූ බදු ප්‍රතිපත්තිය ගැනයි. මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඉතිහාසය පුරාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණා. ඒ නිසා එතුමා 2015 පාලන කාලයේදීත්, ඉන්පසුවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්න උත්සහා කළා.
ඩොලර් මිලියන 415 තෑගි මුදලක් අමෙරිකාවෙන් ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටියා. ඒ අවස්ථාවේදී විවිධ කණ්ඩායම් හැසිරුණු ආකාරය මහජනතාව සිහිපත් කරගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා හැටියටත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත් සිටි එදා එම කටයුත්ත ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නා නම් ආසියාවේ ප්‍රථම බදු සහනය ලැබෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.
දැන් බොහෝ අය කතා වෙනවා අමෙරිකානු බදු සියයට 44 සිට සියයට 30ක් දක්වා අඩු වුණා කියලා. මම නම් හිතන්නේ මෙය ලජ්ජ විය යුතු කාරණයක්. මේ වගේ අවස්ථාවක වැදගත් වෙන්නේ ජාත්‍යන්තරයේ හැසිරීම අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් රට පාලනය කිරීමයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව දන්නවා එදා තෑගි මුදල් දෙන්න යනකොට මෙහි සමහරු හැසිරුණේ කොහොම ද කියලා. “සමහර අය කිව්වා අනුරාධපුරයට යන්න, ත්‍රිකුණාමලයට යන්න වීසා ගන්න වෙයි කියලා.” දැන් එහි පාඩුව සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව භුක්ති විඳිමින් සිටිනවා.