Spread the love

කටාර් එයාර්වේස් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කර තිබේ.

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමග එම සමාගම ගුවන් ගමන් එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

බලපෑමට ලක් වූ ඕනෑම මගියෙකුට සහාය වීම සඳහා අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කර බව එම සමාගම නිවේදනය කරයි.

ගුවන් අවකාශය නැවත විවෘත කළ විට මෙහෙයුම් නැවත ආරම්භ කර බව කටාර් එයාර්වේස් සමාගම පවසයි.

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කටාර් එයාර්වේස් සමාගමේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.