Spread the love

එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට හිමිවෙයි.

මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (14) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.