නිමල් රාජපක්ෂ-
සුරාබදු දෙපාර්තුමේන්තු ප්‍රධානියකු ස්ථාන මාරුවීමේදී තමුන් භාවිතා කල සුපෝගබෝගි රථය ද රැගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර මහතා පවසයි
සුරාබදු දෙපාර්තුමේන්තුවට අයත් සුපෝගබෝගි මෝටර් රථයක් දෙපාර්තුමේත්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මාරුවී ගිය අවස්ථාවේ රැගෙන ගොස් ඇති බවත් ඒ වෙනුවට වෙනත් කුඩා මෝටර් රථයක් සුරාබදු දෙපාර්තුමේන්තුවට බාරදී ඇති බවත් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී
මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිීරීම සදහා ත්‍රීපුද්ගල කමිටුවක්පත්කර ඇති බවද එම වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් උදය කුමාර පෙරේරා මහතා පවසයි.