කලවාන මූලික රෝහලේ දී පසුගියදා (16) රාත්රි සිදු වූ පිහි ඇනුමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව කලවාන පොලිසිය පවසයි.
මෙම සිද්ධිය රාත්රි 11.55 ට පමණ සිදු වී ඇති බව කලවාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දෙල්ගොඩ කොලනිය ප්රදේශයේ පදිංචි දම්වල ලියනගේ රනිල් ප්රදීප් කුමාර නැමැති (42) හැවිරිදි විවාහක පුද්ගලයෙකි
කලවාන දෙල්ගොඩ ප්රදේශයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් පුද්ගලයකු තුවාල ලබා 1990 ගිලන් රථයෙන් කලවාන මූලික රෝහල වෙත ගෙනවිත් ඇති අතර ගැටුමට අදාල අනෙක් පාර්ශවයේ පුද්ගලයන් ද ප්රතිකාර සදහා කලවාන මූලික රෝහල වෙත පැමිණ තිබේ.
එම අවස්ථාවේ රෝහලේ හදිසි ප්රතිකාර අංශය අසල ගැටුමක් ඇති වී ඇති අතර මියගිය පුද්ගලයා පිහියක් ගෙන අනෙත් පුද්ගලයාට ඇනීමට උත්සහා කර ඇති අතර එම අවස්ථාවේ මියගිය පුද්ගලයාට පිහි ඇනුම සිදු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.
ගැටුම බේරීමට ගිය කාන්තාවක් ද පිහිපාර කා ඇතැයි කලවාන පොලිසිය පැවසීය. එම අවස්ථාවේ පිහි පහරින් මරුමුවට පත් පුද්ගලයා රෝහලේ පිරිමී වාට්ටුව දෙසට දුවගොස් ඇති අතර ඔහු පන්නා ගිය අනෙක් පුද්ගලයා පිරිමි වාට්ටුව තුළ රෝගීන් ඉදිරියේදී මියගිය පුද්ගලයාට බිම පෙරලාගෙන පිහි ඇනුම සිදු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.
පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .
