කෘෂිකාර්මික අංශයට පොහොර සැපයීම සඳහා ඉදිරිපත් වන කවර ආයතනයකට වුවද අවසර hiru ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබා දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය ඊයේ (01) ඇමතිවරයාගෙන් ඉල්ලිමක් ද කලේය.
රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි. මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමග සාකච්ඡා කරනු ලැබීය.
ඒ අනුව මෙරට තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර දැනට සමාගම විසින් නිෂ්පාදනය කරන මිලටම ලබා දීමට සභාපතිවරයා එකඟත්වය පළ කළේය.
