කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින්, පාසල් මට්ටමින් දැනුවත් කිරීම් අවශ්‍ය යයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය
බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.
මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීථි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන නාගරීකරණ ඝන අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්වය, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටළු සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වියමෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින් මෙන්ම පාසල් මට්ටමින් නිසි දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර ඒ සඳහා ප්‍රජා ශක්ති සහ ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් යොදා ගැනීම මඟින් විශාල කාර්යභරයක් සිදු කළ හැකි බව අවධාරණය කළා ය.
වෘත්තිය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය අලුත් වෘත්තිය විෂයක් ලෙස හඳුන්වා දීම මඟින් කසළ කළමනාකරණය පිළිබඳ සමාජ අවබෝධයක් ලබා දීම සහ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සිදු කළ හැකි බවත් සඳහන් කළා ය.
