Spread the love


නිමල් රාජපක්ෂ-

මිල්ලනිය කළුතර හා දොඩන්ගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි සිදු කල වැටලිම් වලින් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බලපත්‍ර ස්ථාවල සිදු කල වැරදි වලට බලපත්‍ර ලාභීන්ගෙන් සමථ ගාස්තු අයකොට , බීඩි වලින් බදු ආදායම් ලබාගෙන රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක ආදායමක් රජයට ලබා දීමට කළුතර සුරබදු නිලධාරීන් සමත්ව ඇත.

පසුගිය වසරේ සිදු කල මෙම වැටලීම් වලදි මහා පරිමාන මත්පැන් නිෂ්පාදනාගාර 76 ක් අත්අඩංගුවට ගත් බව කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසුවේය.

අදාල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි මත් ජාවාරමේ නිරත සැකකරුවන් සැකකරවන් 386 දෙනෙකු වටලා අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් හතළිස් පන් ලක්ෂයක දඩ මුදලක් අයකර ගෙන තිබේ.

මිට අමතරව හෝටල් ආපනශාලා හා රටබිම හල්වල සිදු කල බලපත්‍ර වැරදි සදහා මත්පැන් බලපත්‍ර ලාභින්හට කාර්මික අපරාධ වාර්තා ලබාදි ඹවුන් සුරාබදු කොමසාරිස් හා සහකාර සුරාබදු කොමසාරිස් වෙත ඉදිරිපත් කොට පෙරවැරදි සළකා බල බලපත්‍ර ලැභීන්හට රුපියල් ලක්ෂ පහක සමථ ගාස්තුවක් අයකර ගෙත ඇත.

මීට අමතරව තම බලප්‍රදේශයේ බලපත්‍ර ලත් බීඩි කර්මාන්ත කරුවන්ගෙන් හැටකට ආසන්න පිිරිසක් සිය කර්මාන්තය සාර්ථකව කර ගෙන යන බැවින් ඹවුන්ගෙන් මසකට රුපියල් ලක්ෂ දොළහකට ආසන්න බදු ආදායමක් අයකර ගන්නා බවද ප්‍රදීප් ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසුවේය.
නමුත් තම බලප්‍රදේශයෙන් පසුගිය වසර තුළ බලපත්‍ර ලත් කිසිදු ස්ථානයකින්වත් ව්‍යාජ ස්ටිකර යොදු මත්පැන් බෝතල් කිසිවක් නොතිබු බවද කළුතර සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත , කළුතර සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ , කළුතර සුරාබදු අධිකාරි සුගත් කොලොන්න මහතාගේ මෙහෙයවීමෙන් , කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන , එච්.බී.කේ.ඩී චතුරගේ , සැරයන් කෝසල සමන්ත . කෝප්‍රල්වරුන්වන කුමාර,ජයසුරිය, රාජපක්ෂ,කාන්තා කෝප්‍රල් ලක්මිණි, රියදුරු වරුන ද සිල්වා යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න